Monday, October 20, 2014

කූඩු කරපු කිරිල්ලියෝ...!





"ලස්සනට ඉන්න"
ඒගොල්ලන්ට නියම කරල තිබුණ.

මල් පුප්පවන්න, සිංදු කියන්න, පැණි එකතු කරන්න, පියාඹන්න, බර උස්සන්න, ළමයි හදන්න, කරුණාවන්ත වෙන්න ,
ඉවසන්න..
 -ඒක වැදගත්-
හැමදේටම වඩා ඉවසන්න

 මේ හැමදේම කරන අතරෙ
"ලස්සනට ඉන්න" !

නිකම්ම පාට යන තටු දීල තිබුණ ඒගොල්ලන්ට.
හිටි හැටියෙ කවුරු හරි  නිකං ඉන්න බැරුවඅතගෑවම ඒ පාට මැකිල ගියා.
පාට ගියාම ඒගොල්ලො නිකම්ම දළඹුවො ගානට වැටුණා.
"අපෝ කසනව"
පාට රස විඳපු අය පිළිකුලෙන් අයින් වුණා.

තවත් අය පැටවු හැදුව..
ඉවසීම කමටහන් කරගෙන උන් වැදුවා
ලොකුම රාජකාරිය වුනේ
ඉවසන්න!
පැටවු ඉපදෙන කොට, උන් ලොකු වෙන කොට , උන් වෙනස් වෙනකොට
උන් නැතිවෙන කොට
අතුරුදහන් වෙනකොට!
ඉවසන්න..
ප්‍රශ්න අහන්නෙ නැතුව ඉන්න..
පළි ගහන්නෙ නැතුව ඉන්න..
හූල්ලන්නෙ නැතුව ඉන්න...
ඉවසන්න!

"ලස්සනට ඉන්න..."

තටු තිබුණ තමයි..
ඒත් වැඩි දුර පියාඹන්න බෑ
ඒගොල්ලො ඉන්නෙ කූඩුවක
නො පෙනෙන, ඒත් හයිය ඇති කූඩුවක
ඒගොල්ලො තටුගහනව
ලස්සනට ඉන්න හදනව

අන්තිම වෙනකම්ම 
ඉවසනව!

ඒත්....
..............
..................
එයාල ,
නිකම්ම නිකං....
කූඩු කරපු කිරිල්ලියො...

Sunday, October 19, 2014

සමනලුන් ගිය මග වැටී ....

There had been birds who've never reached their destination...Not because they were not determined, but they've never meant to do so. 

The life, itself is a choice, of which thousand offers, either good or bad. Is this really true with everyone around us? Not always.. 



සදාකාලික නගරයේ
සිඳී ගිය තත් ඇහිඳිමී
නිදාගත් ස්වර පුබුදමී
බෙදා ගත් දුක සඟවමී

වප් මහේ කෙළවර රැඳී
සත්කඩක් වූ කඳුළකි

නො පාගා ඇවිදින්න හිතවත ,
සමනලුන් ගිය මග වැටී
මගේ වැළපෙන හිත ඇතී.