Showing posts with label Fate of Women. Show all posts
Showing posts with label Fate of Women. Show all posts

Monday, October 20, 2014

කූඩු කරපු කිරිල්ලියෝ...!





"ලස්සනට ඉන්න"
ඒගොල්ලන්ට නියම කරල තිබුණ.

මල් පුප්පවන්න, සිංදු කියන්න, පැණි එකතු කරන්න, පියාඹන්න, බර උස්සන්න, ළමයි හදන්න, කරුණාවන්ත වෙන්න ,
ඉවසන්න..
 -ඒක වැදගත්-
හැමදේටම වඩා ඉවසන්න

 මේ හැමදේම කරන අතරෙ
"ලස්සනට ඉන්න" !

නිකම්ම පාට යන තටු දීල තිබුණ ඒගොල්ලන්ට.
හිටි හැටියෙ කවුරු හරි  නිකං ඉන්න බැරුවඅතගෑවම ඒ පාට මැකිල ගියා.
පාට ගියාම ඒගොල්ලො නිකම්ම දළඹුවො ගානට වැටුණා.
"අපෝ කසනව"
පාට රස විඳපු අය පිළිකුලෙන් අයින් වුණා.

තවත් අය පැටවු හැදුව..
ඉවසීම කමටහන් කරගෙන උන් වැදුවා
ලොකුම රාජකාරිය වුනේ
ඉවසන්න!
පැටවු ඉපදෙන කොට, උන් ලොකු වෙන කොට , උන් වෙනස් වෙනකොට
උන් නැතිවෙන කොට
අතුරුදහන් වෙනකොට!
ඉවසන්න..
ප්‍රශ්න අහන්නෙ නැතුව ඉන්න..
පළි ගහන්නෙ නැතුව ඉන්න..
හූල්ලන්නෙ නැතුව ඉන්න...
ඉවසන්න!

"ලස්සනට ඉන්න..."

තටු තිබුණ තමයි..
ඒත් වැඩි දුර පියාඹන්න බෑ
ඒගොල්ලො ඉන්නෙ කූඩුවක
නො පෙනෙන, ඒත් හයිය ඇති කූඩුවක
ඒගොල්ලො තටුගහනව
ලස්සනට ඉන්න හදනව

අන්තිම වෙනකම්ම 
ඉවසනව!

ඒත්....
..............
..................
එයාල ,
නිකම්ම නිකං....
කූඩු කරපු කිරිල්ලියො...